Tuesday, November 24, 2015

පාසල් විෂමතාවය

එක පාසලක ඇති උපරිම පහසුකම
තව පාසලක වැසිකිළිවත් නැති තරම
ඒ දෙක අතර හැම මව්පියො පොරකෑම
විසදුම් ගෙනාවොත් හොදවෙයි නුදුරේම

ගුරුවරු හරිම ලෙස පාසල් වෙත බෙදලා
පාසල් අහිමි නොවනට හැම ක්‍රම යොදලා
පාසල් අතර ඇති වෙනසද අඩු කරලා
නිවැරදි කරොත් වටිනව හෙට ගැන සිතලා

Tuesday, November 17, 2015

සුභ උපන් දිනක් වේවා...

තැන තැන මැරී ගිය යුග නිමකරලන්න
ඔබ කල මෙහෙය අමතක නෑ දැනගන්න
මිතුරන් නමින් බොරුවට ඔබ ළග ඉන්න
අයගෙන් සසර ඇතිතෙක් ඈතට වෙන්න

Friday, November 13, 2015

උඩින් වැටෙනකං...,

දින විතරක් නෙවෙයි වසරින් වසර ගියා
අප පසුකරන් මුළු ලෝකය පෙරට ගියා
උඩින් වැටෙනකං කල් මරමින් සිටියා
ඉතින් පුරුදු ලෙස උඩ බලමින් සිටියා