Monday, April 27, 2015

19

හොදත් නරක ඇහුණා කණ දෙදරන්න
උද්ඝ‍ෝෂණද නැගුවා හඩ රැව්දෙන්න
විවිධ වැඩත් කෙරුවලු පහු කරලන්න
රටට හොදයි නම් සම්මත කරලන්න

ජනතා මතය අමතක කරලන්න එපා
නීතිය රටේ කිසිවිට වැනසෙන්න එපා
නිදහස කාගෙවත් අනතුරෙ වැ‍ට‍ෙන් එපා
අනිසි බලය කිසිවෙකුටත් ලැබෙන් එපා





Saturday, April 11, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා...!

අටු කොටු පිරෙන ලෙස ගොවිතැන් සරු‍ වෙන්නයි
නීතිය හමුවෙ අවනීතිය දුරු වෙන්නයි
සැම සිත් පුරා දුක් ගින්දර අඩු වෙන්නයි
නව අවුරුද්දෙ සතුටින් රට සපිරෙන්නයි

කරන කරන යහපත් දෙය සරු වේවා
සැක දුරු වෙමින් විශ්වාසය පැතිරේවා
සැබෑ අළුත් බවකින් රට සපිරේවා
මේ අවුරුද්දෙ මුළු රටටම ජයවේවා

Monday, April 6, 2015

අලි මිනිස් ගැටුම...

මැතිවරු ඇමතිවරු පැටවුන් ගෙනයනවා
උන්හට ඉන්න ඇති කැළයද වනසනවා
ඉන්න‍ට කැළය නැති කල ගම පීරනවා
ගම්මුන් වැවූ බව භෝගද වනසනවා

වගාවන්ද තම දිවියද රැක ගන්න
බැරි වූ කලදි අලියන්ගෙන් ගැලවෙන්න
සිදුවෙයි ඉතින් හොද නරකද කරලන්න
හරි විසදුමක් තවමත් නෑ දැකගන්න