Sunday, December 30, 2012

2012&2013


2012
…සොබාවික විපත් ටික ටික වැඩි වූවා
…ලෝක විනාශය දුර බව දැන් වූවා
…වෙනසත් එක්ක කාලය වසරක් ගෙව්වා
…දෙදහස් දලහ යන බව ලෝකෙට කිව්වා

…ක්‍රීඩවෙදී බොහො විටදී දෙවන තැනයි
…සතුටක් ගෙනාවේ ලෝකඩ පදක්කමයි
…කැරම් සටනෙ ඒකල ලොව පලමු තැනයි
…ජය පැරදුම මැදින් වසරක් ගෙවුනු හැටියි

…2013

…සාමය සතුට ලෝකය තුල පැතිරේවා
…කෙදිනකවත්ම අපෙ දේශය නොබෙදේවා
…පාලකයන්ගෙ ඉහමොළ හෙම පෑදේවා
…දුක අඩුවෙමින් සතුටින් ලොව පිබිදේවා

Monday, December 24, 2012

සුභ නත්තලක් වේවා!


ලෝක සාමය උදා වේවා
…සතුට ලොවටම ලගා වේවා
…සෑම දන හට සෙතක් වේවා
…සැබෑ නත්තල උදා වේවා

Wednesday, December 12, 2012

ජාතිවාදය නොව දේශ වාදය....


අපේ වෙලදපොල නැතිකරන්නේ ඉන්දියාවෙන් ආපු බඩුමයි
…වෙනත් ජාතික අපේ අයටම එයට බැනලා වැඩක් නැමයි
…ජාතියේ නම කුමක් වූවත් සරුකරන්නේ රටේ දිවියයි
…භේද වෙන්නට එපා කවුරුත් වෙනත් රටවල් ඊට සතුටුයි

…ලින්ක් රොටෝමැක් හිරවෙයි බෑ ලියවන්න
…චොකලට් උනත් එහෙමයි නෑ රස දෙන්න
… ඕන දෙයක හරි තත්වය රැක ගන්න
…මෙහෙදි හදන දෙය මෙහෙදී අරගන්න

Wednesday, December 5, 2012

ගීයෙන් සිරිලක අමරනීය වුන.....


ගීයෙන් සිරිලක අමරනීය වුන
…සිරිලක ගීයේ සැබැම සලකුන
…සැබෑ රසිකයන් හද තුල නොමැරෙන
…ගීයෙන් තව තව ලක සරසන මැන

…සසර වසන තුරු ලකේ උපත මැන
…හේතු වාසනා එලෙසින් සිදුවන
…හොද හැටි ගයනා ඔබ දිවි ගීයෙන
…තවත් කාලයක් එයද ගයන මැන

Saturday, December 1, 2012

සැබෑම නායකයා ඒ ඔබමය


දේශයක් ගැන ලොවට කියන්නට
…අපේ රටේ නම ලොවේ රැදෙන්නට
…අප කවුදැයි මුලු ලොවට පෙනෙන්නට
…උපහාරයි වැඩකල නායක හට

…ක්‍රීඩකයන් රැකුමට සටනට ගිය
…තානාපතිවරු නිදියන දේශය
…ලොවේම ජය කිරුලකට රැගෙන ගිය
…සැබෑම නායකයා ඒ ඔබමය

ඒ  සැබෑ නායකයාගෙ උපන් දිනය වෙනුවෙනි.....

Friday, November 23, 2012

ඔවුන් මෝඩද?


යකුන් දෙවියන් කියපු කාලේ ඇලද කුඹුරද යාකරා
…ඔවුන් මෝඩයි කියපු කාලේ කානු ජලයත් උතුරලා

…වවං කාගෙන හිටපු කාලේ රටට යැයි ගොඩ දෙයක් තිබුනා
…ලොවට යන්නට හදපු කාලේ රටම ලොවෙ අසරණ වුනා

…කාළ කුමරුන් කියපු කාලේ ඇයට රැකවරණය වුනා
…ඒව බොරු යැයි කියපු කාලේ දසත බලු වැඩ සිදු වුනා

…අපේ ක්‍රම විදි තිබුනු කාලේ බටහිරේ උන් එක්ක හැපුනා
…ඒව බොරු වැඩ කියපු කාලේ අසල රටකට බයේ උන්නා

…අපේ වෙදකම තිබුනු කාලේ බොහෝ විස්කම් වැඩ කියා
…ඒව බොරුවැඩ කියපු කාලේ බෙහෙත් විදලත් මිය ගියා

…රාජ පාලන තිබුන කාලේ රටේ දියුනුව ඇති කලා
…එහෙව් පාලන වැරදි කියලා නොගැලපෙන වර්ධන කලා

Friday, November 16, 2012

ලොව ජයගන්න....



…යුතුකම නියම ලෙස සැමවිට කරලන්න
…නොපෙනෙන දෙයට කාලය වැය නොකරන්න
…උත්සහ අරන් යයුතු තැන වෙත යන්න
…බුද්ධියෙ වැඩ අරන් හරියට වැඩ කරන

…උපන් රාට නමින් සැමදා වැඩ කරන
…එවිටයි ලොවම ඔබ වෙත ගරු පුද කරන
…කොතනදි උනත් යුක්තිය වෙනුවෙන් ඉන්න
…ලොවටම වටින මිනිසෙක් ලෙස සිටගන්න...

Friday, November 9, 2012

තලපු යකඩය මෙහෙම හිතනව....


…දස්කම් සපිරි දැතක් හා එක්වීලා
…තැලුවේ මමයි ලෝකෙට ඔබ යයි සිතලා
…හරි අතකටම යන්නට පැතුමක් දීලා
…ඉන්නම් සදා මම කම්මලටම වීලා

Saturday, November 3, 2012

ජීව ගුණය රැකුණා....


දෙසිය ගනනක් ගහන ලෙසිනා
…සීය පසු කර අටක් වැටුනා
…සිතා ගන්නට නොහැකි ලෙසිනා
…පරාජයෙ මුව එසේ ඇරුනා

…සැබෑ සටනක් ඉතින් සැදුනා
…ඔවුන් දෙදෙනා සටන දුන්නා
…තවම මේ ලොව මවිත කරනා
…සැබෑ සටනට වසක් පිරුනා

කඩුලු 8ක් වැටී තිබියදී ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් MCG පිටියේදී ජයග්‍රහනය වෙනුවෙන් වාර්තා කල විශිෂ්ට කඩුලු සම්බන්දතාවයට වසරක් පිරීම හේතුවෙනි....

Sunday, October 28, 2012

ලොවට සාමය උදා වේවා !


ක්‍රෝධ වෛරය දසත වපුරා කෙලෙස බේදය වුනාදෝ
…සතුට සාමය ලොවෙන් සදහට තුරන් වීලා ගියාදෝ
…ලොවේ සත හැම දෙනා වෙනුවෙන් එකට එක්වී නැත්තෙ ඇයිදෝ
…උසස් මනුසත් කියපු බන දම් අනේ අද කොයි ලොවේදෝ

…එකම ලොව අද එකට සිටිනා බවත් අමතක වී ගිහින්
…රක්ත පැහැ රුදිරයක් ගලනා බවත් අමතක වී ඉතින්
…අවි වලින් වැඩ අරන් තම බල ලොවට පෙන්වන්නට සිතන්
…බලය පසුපස දුවන මිනිසුනි අනේ ලෝකය ගැන සිතන්

Tuesday, October 23, 2012

නැවත ආවා


…පනහ ලියනට බලන් හිටියා
…දුකක් දී මට නැතිව ගියා
…නවත ගන්නට සිතට යොදලා
…දන්න හැම දෙය කරල හිටියා

…ඒ දෙය අමතක කර දමලා
…අලුත් විදියට ටිකක් හිතලා
…මගේ අරමුනු නැවත කියලා
…ආව නැවතත් ලියමි සිතලා