Thursday, March 7, 2013

බිග් මැච් කාලෙ ඇවිල්ලා

ජය පැරදුම එක ලෙසට දරන්නයි
ක්‍රීඩාවෙ ගුණ හොදට රැකනේනයි
අපෙ රටෙ නම ලොවෙ දිලෙන්නයි
වැදගත් ක්‍රීඩකයන් බිහි වෙන්නයි

තුනටම එක ලෙස දස්කම් පානා
ජීව ගුණය පිටියේ මැද රකිනා
පොලවේ සිටගෙන කතාව කරනා
සැබෑම ක්‍රීඩකයන් බිහි වෙන්නා