Saturday, February 23, 2013

දෙවියා හා දේවාලය

දේවාලයයි එය රටට සවිය දුන්න
පිං බිමක් තමයි එය  සැමට කන්න දුන්න
වීරයන් බොහෝ ලක් මවට පිදුව එතන
කුඹුර තමයි එය බඩ ගින්දර නිවන

ඔහු ශ්‍රමයෙන් කන අය ලොව ජයගන්න
දවස පුරා රට වෙනුවෙන් බත දෙන්න
දේශය වෙනුවෙන් කැපවී වැඩ කරන
දෙවිදු ඔහුයි කුඹුරක් මත වැඩ ඉන්න