Friday, November 23, 2012

ඔවුන් මෝඩද?


යකුන් දෙවියන් කියපු කාලේ ඇලද කුඹුරද යාකරා
…ඔවුන් මෝඩයි කියපු කාලේ කානු ජලයත් උතුරලා
…
…වවං කාගෙන හිටපු කාලේ රටට යැයි ගොඩ දෙයක් තිබුනා
…ලොවට යන්නට හදපු කාලේ රටම ලොවෙ අසරණ වුනා
…
…කාළ කුමරුන් කියපු කාලේ ඇයට රැකවරණය වුනා
…ඒව බොරු යැයි කියපු කාලේ දසත බලු වැඩ සිදු වුනා
…
…අපේ ක්‍රම විදි තිබුනු කාලේ බටහිරේ උන් එක්ක හැපුනා
…ඒව බොරු වැඩ කියපු කාලේ අසල රටකට බයේ උන්නා
…
…අපේ වෙදකම තිබුනු කාලේ බොහෝ විස්කම් වැඩ කියා
…ඒව බොරුවැඩ කියපු කාලේ බෙහෙත් විදලත් මිය ගියා
…
…රාජ පාලන තිබුන කාලේ රටේ දියුනුව ඇති කලා
…එහෙව් පාලන වැරදි කියලා නොගැලපෙන වර්ධන කලා

6 comments:

  1. කතා කලයුතු මාතෘකාවක්!

    ReplyDelete
  2. ඇත්ත මලේ.. ඒවා ආපු නිසා ඔක්කොම අනිත් පැත්ත ගහලා.

    ReplyDelete
  3. රොබට් නොක්ස්ගේ එදා හෙල දිව කියෙව්ව නම් ලංකාව ඒ දවස්වල ලෝකයේ තිබුන තැන විශිෂ්ටයි දැන්ට වඩා කියලා දැනගන්න පුලුවන්...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඔවි...ඒ තත්වයට නැවත ඒන්න ඔනෙ....

      Delete